ඉතා ඈත අතීතයට අයත් ප්‍රවාදයන් ලෙසට වන සීතා දේවිය පැහැරගෙන විත් සඟවා තබන්නට සුදුසුවූ කඳුවලල්ලක ස්වභාවික ආරක්ෂාව සමග සෞම්‍ය කාලගුන වටපිටාව එදා දවස වැදගත් වන්නට ඇත. ආදිමානව ස්පර්ශය පිලිබඳවද මතිමතාන්දර මානියම්ගම ප්‍රදේශය අවටින් පැමිනෙනවා සේම කිතුල්ගල ප්‍රදේශයෙන් පැමිනෙන පුරාවිද්‍යාත්මක සාධක සිහිත තොරතුරු පෙර කී මතිමතාන්දර පිලිබඳව වඩාත් විස්වාසනීයත්වයක් ගෙනෙයි. ලංකාවේ ප්‍රධානතම සංඟාවක් තම දගකාර අවදිය පසුකර මද සංසුන් බවකින් මෙම ප්‍රදේශය හරහා ගලා යන්නේ තවත් ජලධාරා කිහිපයකම එකතුවෙන් පෝෂනය වෙම්මින් වීම ද වැදගත් සාධකයකි. කලින්කලට පැමිනෙන පිටාර ඔස්සේ තැනිතලා ගංඟාව අවට ප්‍රදේශය වගාවෙන් සරු සාර කරදීම ද අමතක කල නොහැකි සාධකයකි. යටත් විජිත යුගවලදීද වතු වගාවන් බහුල වී ඇත. තවමත් ශේෂව ඇති වතුයායවල් කිහිපයක්ම දක්නට ලැබේ. වර්ථමානය දෙසට පැමිනීමේදී කර්මාන්තපුරය දහස් ගනනකට ‍රැකියා අවස්ථාව දෙන නෙක ආකාරයේ කර්මාන්තශාලා රාශියකින් යුතුව අපට මග හැරුනු කාර්මික යුගයේ ප්‍රවනතා සදහා මග පෙන්වමින් සිටී. දේශීය ව්‍යවසායකත්වයේ පැහැබර හෙට දිනකට විටක මෙම කර්මාන්තපුරයන් මග කියනු ඇත. ක්‍රමයෙන් සංවර්ධනය වෙමින් තිබෙන සීතාවක උද්‍යානයද අමතක කල නොකල යුතුය. කිතුල්ගල දෙසට වන්නට වන වයිට් වෝටර් ක්‍රීඩාවට වඩාත් ප්‍රචලිත ප්‍රදේශයත්, බටන්ගල ප්‍රදේශයේ වන ජාතික මට්ටමේ අධ්‍යාපනික ආයතනය මෙන්ම කළුඅග්ගල ප්‍රදේශයේ වන විනෝද උයනද , ආදීන් සැලකීමේදී හැගෙන්නේ වර්ථමානයේදීද මෙම ප්‍රදේශය සැලකිය යුතු අවධානයක් ලබා ගන්නා බවයි.
– Pubudu Siriwansa